― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsජනපතිගෙන් අඩු ආදායම්ලාභීන්ට සහල් කිලෝ 20ක්

ජනපතිගෙන් අඩු ආදායම්ලාභීන්ට සහල් කිලෝ 20ක්

අඩු ආදායම්ලාභීන්ට සහනයක් වශයෙන් ලබන උත්සව සමයේදී එක් පවුලකට සහල් කිලෝ 20ක් ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

අද (07) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ රටේ පහළම තලයේ වෙසෙන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම උදෙසා මෙම වර්ෂයේ අස්වැසුම හරහා ලක්ෂ 24ක ජනතාවට ප්‍රතිලාභ ලබාදීමට අපේක්ෂා කරන බවයි.