― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsසබරගමුව සරසවියේ සිසුන් 07ක් අත්අඩංගුවට

සබරගමුව සරසවියේ සිසුන් 07ක් අත්අඩංගුවට

සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සමනල වැව පොලිසිය සඳහන් කළේ සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ සිසුවියකට සහ සිසුන් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධියකට අදාළව ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස පහරකෑමට ලක්ව තුවාල ලැබූ සිසුන් තිදෙනා රෝහල්ගත කර තිබෙනවා.

මොවුන් පොලීසිය හමුවේ පවසා ඇත්තේ පසුගිය 09 වැනිදා රාතියේ කෘෂි විද්‍යා පීඨයේ ආපනශාලාවේ ආහාර ගනිමින් සිටියදී ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් විදුලිය විසන්ධි කර ඔවුන්ට පොලු මුගුරුවලින් පහර දුන් බවයි.

අත්අඩංගුවට ගත් සිසුන් අද (12) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.