30 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසබරගමුව සරසවියේ සිසුන් 07ක් අත්අඩංගුවට

සබරගමුව සරසවියේ සිසුන් 07ක් අත්අඩංගුවට

සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සමනල වැව පොලිසිය සඳහන් කළේ සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ සිසුවියකට සහ සිසුන් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධියකට අදාළව ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස පහරකෑමට ලක්ව තුවාල ලැබූ සිසුන් තිදෙනා රෝහල්ගත කර තිබෙනවා.

මොවුන් පොලීසිය හමුවේ පවසා ඇත්තේ පසුගිය 09 වැනිදා රාතියේ කෘෂි විද්‍යා පීඨයේ ආපනශාලාවේ ආහාර ගනිමින් සිටියදී ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් විදුලිය විසන්ධි කර ඔවුන්ට පොලු මුගුරුවලින් පහර දුන් බවයි.

අත්අඩංගුවට ගත් සිසුන් අද (12) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.