30.6 C
Colombo
Sunday, May 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකඩුවෙල අධිකරණයේ නොසන්සුන්තාවක්

කඩුවෙල අධිකරණයේ නොසන්සුන්තාවක්

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය තුළදී බන්ධනාගාර රැඳවියන් පිරිසක් අතර ගුටි බැට හුවමාරුවක් සිදුව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ අද (16) බන්ධනාගාර සිර මැදිරිය තුළදී මෙම ගැටුම හටගෙන ඇති බවයි.

ගැටුම සමථයකට පත්කිරීම සඳහා ගිය බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකුද පහර කෑමට ලක්ව ඇති අතර මේ හේතුවෙන් උසාවියේ නඩු විභාගයට ගැනීම පැය 03ක් පමණ ප්‍රමාද වී තිබෙනවා.

මෙම ගැටුම සිදුවන අවස්ථාවේදී බන්ධනාගාර රැඳවියන් 150 කට අධික පිරිසක් උසාවියට රැගෙනවිත් තිබුණා.