26.1 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරිය අනතුරකින් සරසවි සිසුවා ජීවිතක්ෂයට

රිය අනතුරකින් සරසවි සිසුවා ජීවිතක්ෂයට

අද (21) උදෑසන සිදුවූ රිය අනතුරකින් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුවෙක් ජීවිතක්ෂයට පත්වුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලැබූ මනිපායි ප්‍රදේශයේ පදිංචි රමේෂ් සකින්තන් නැමැති 22 හැවිරිදි තරුණයෙකි.

ඔහු මානිපායි ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ සිට නීර්වේලි හන්දිය දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මාර්ගය හරහා දිව ගිය සුනඛයෙකු නිසා අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා බේරාගෙන යාපනය ශික්ෂණ රෝහලට රැගෙන යමින් සිටියදී මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලිසිය පරීක්ෂණ සිදුකරනු ලබනවා.