― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනීතිවිරෝධීව ගෙනා දුම්වැටි තොගයක් ගුවන්තොටේදී අල්ලයි

නීතිවිරෝධීව ගෙනා දුම්වැටි තොගයක් ගුවන්තොටේදී අල්ලයි

තීරුබදු රහිතව මෙරටට ගෙන එනු ලැබූ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් කටුනායක ගුවන්තොටුපොළේදී ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් හතලිස් තුන් ලක්ෂ හතලිස් දෙදහසක් වටිනා මෙම දුම්වැටි තොගය තීරු බදු නොගෙවා, කටුනායක ගුවන්තොටුපොළ සියලුම පරීක්ෂණ මග හැර, ගුවන්තොටුපොළෙන් පිට කරගෙන යමින් සිටි ව්‍යාපාරිකයන් දෙදෙනෙකු සමඟ කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

කටුනායක ගුවන්තොටුපොළ පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයන් දෙදෙනා කොළඹ, බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 29 සහ 25 හැවිරිදි අයවලුන් බවයි සඳහන් වන්නේ.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොවුන් දෙදෙනා නිතර නිතර ගුවන් ගමන් වල නිරත වෙමින් විදේශීය භාණ්ඩ මෙරටට ගෙනැවිත් අලෙවි කිරීමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනෙක් බවයි.

මොවුන් ඊයේ දහවල් 12.30 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8 ඩී.- 832 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ මෙම මැන්චෙස්ටර් වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 33,400 ක් සගවා ගෙන තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.