― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeHot Newsලංවිම මාධ්‍ය ප්‍රකාශකට එරෙහිව විනය පියවර ගන්නවා

ලංවිම මාධ්‍ය ප්‍රකාශකට එරෙහිව විනය පියවර ගන්නවා

විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා කර ඇතැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් සොයාබලා විනය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසුවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

වතු කම්කරු නායකයන් සියලු දෙනා වතු කම්කරු ජනතාවගේ අභිවෘද්ධිය පිණිස ගන්නා වූ ක්‍රියාමාර්ගයන්ට රජය කිසිදු හානියක් හෝ අපහාසයක් නොකරන බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ.

ඒ අනුව වතු ජනතාව සහ එම දරුවන් පාඩම් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රකාශකවරයා සම්මුඛ සාකච්ඡාවකදී කර ඇතැයි කියන ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව සොයා බලා ඊට එරෙහිව විනය පියවර ගනු ඇති.

බිල ගෙවාගත නොහැකිව විදුලිය විසන්ධි කර ඇති අවස්ථාවක, දරුවන්ට පාඩම් කිරීම සඳහා යාබද නිවසකින් විදුලිය ලබාදීමට යාමේදී පියා මියයාම පිළිබඳ ප්‍රකාශයක් කරමින්, විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා, දරුවන්ට කුප්පි ලාම්පුවෙන් පාඩම් කළ හැකි බවටත්, වතුකරයේ පියවරුන් සවස බීමත් වන බවත් කියා ඇති බවයි විපක්ෂ නායකවරයා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ.

ඊට ප්‍රතිචාර දක්වමින් අගමැතිවරයා මෙසේද කීය.

විරුද්ධ පක්ෂයේ නායකතුමා නඟන මේ ප්‍රශ්නයට අපි මේ වන විටත් ඒ නිලධාරියා කර තිබෙන ප්‍රකාශයේ සත්‍ය හා අසත්‍යතාවය මත අවශ්‍ය විනය පියවර ගැනීමට උපදෙස් දීලා තියෙනවා. මම ස්තූතිවන්ත වෙනවා විපක්ෂ නායකතුමාටත් මේක නැගීම ගැන. ඒවාගේම, රාධක්‍රි‍ෂ්ණන් වතු කම්කරු නායකතුමා මෙතන ඉන්නවා, ගරු මන්ත්‍රීතුමා. ඔබතුමාලා, තොණ්ඩමන් මහත්තයාලා ඉන්නවා., අපි සියලු දෙනා වතු කම්කරු ජනතාවගේ අභිවෘද්ධය පිණිස ගන්නා වූ ක්‍රියාමාර්ගයට රජය කිසිම හානියක් හෝ අපහාසයක් කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ.