28.4 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිරුරට අහිතකර රූපලාවන්‍ය ආලේපන තොගයක් පිටකොටුවෙන් අල්ලයි

සිරුරට අහිතකර රූපලාවන්‍ය ආලේපන තොගයක් පිටකොටුවෙන් අල්ලයි

මිනිස් සිරුරට ප්‍රබල ලෙස හානි කරන රූපලාවන්‍ය ආලේපන අලෙවි කළ වෙළෙඳසැල් 04ක් වටලා තිබෙනවා.

වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් උපාය දූතයින් යොදවා ඊයේ (21) සිදු කළ මෙම වැටලීමේදී මෙලෙස සිරුරට අහිතකර ද්‍රව්‍ය අඩංගු ආලේපන තොගයක් සොයාගෙන තිබෙනවා.

පිටකොටුව දෙවන හරස් වීදියේදීයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

එහිදී වයස අවුරුදු 22, 25, 45, 52 යන වයස්වල පසුවන කළගෙඩිහේන, මොරටුව, වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන් සිවුදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.