27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොත්මලා ඔයේ ගිලී සිසුවෙක් නොඑන ගමන් යයි

කොත්මලා ඔයේ ගිලී සිසුවෙක් නොඑන ගමන් යයි

කොත්මලා ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙක් ඊයේ (25) දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ලිදුල පොලීසිය පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තලවකැලේ ප්‍රදේශයේ පදිංචිව සිටි තලවකැලේ සුමන මහා විද්‍යාලයේ 10 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි දිනුක ගමගේ නැමැති 15 හැවිරිදි පාසල් සිසුවෙක් බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූ සිසුවා තම මිතුරන් පිරිසක් සමඟ කොත්මලා ඔයේ දිය නාමින් සිටියදී එක්වරම දියේ ගිලී අතුරුදහන් වී තිබෙනවා.

අනතුරුව ප්‍රදේශවාසින් සහ ලිදුල පොලිසිය එක්ව දියේ ගිලී අතුරුදහන් වූ සිසුවාගේ සිරුර ඔයේ ගැඹුරු වලක තිබියදී සොයාගෙන තිබෙනවා.

මියගිය සිසුවාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.