― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනිල් අයිස් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

නිල් අයිස් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

වාලච්චේන පොලිස් වසමේ පිරෙයිතුරෙයිචේනෙයි ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය අලෙවි කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී නව නිල් පැහැති අයිස් මත්ද්‍රව්‍ය ඇතුළු අයිස් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 470 ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන මුදල් අත්අඩංගුවට ගත් බවයි වාලච්චේන පොලිසිය පැවසුවේ.

වාලච්චේන විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ප්සුගියදා (04) රාත්‍රියේ අම්පාර, මඩකලපුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පොලීසිය පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 36 හැවිරිදි කාන්තාවක් බවයි.

ඇයගේ සැමියා මේ වනවිටත් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.