23.4 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබස්නාහිර පළාතේ අත්හිටවූ විභාග අද සිට

බස්නාහිර පළාතේ අත්හිටවූ විභාග අද සිට

බස්නාහිර පළාතේ 10 සහ 11 ශ්‍රේණිවල අවසාන වාර පරීක්ෂණ කටයුතු අද (06) සිට යළි පැවැත්වීමට නියමිතය.

වාර විභාගය පැවැත්වීමට පෙර විද්‍යාව, ඉංග්‍රීසි සහ ගණිතය යන ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍ය වෙත නිකුත් වීම හේතුවෙන් 10,11 ශ්‍රේණිවල විභාග කටයුතු තාවකාලිකව අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යංශය පසුගියදා පියවර ගත්තා.

ඒ අනුව බස්නාහිර පළාතේ පාසල් තුළ මෙතෙක් නොපැවැත්වූ විෂයන් අද සිය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස වාර විභාගයට පෙර ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද අරඹා ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශනයක් ආරම්භ කර තිබේ.