23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentකොට්ටාවේ රිය අනතුරක් - තරුණයෙක් ජීවිතක්ෂයට

කොට්ටාවේ රිය අනතුරක් – තරුණයෙක් ජීවිතක්ෂයට

කොට්ටාව, හයිලෙවල් මාර්ගයේදී ඊයේ (25) මාරක රිය අනතුරක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙම රිය අනතුරෙන් පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

කොට්ටාවේ සිට මාකුඹුර දෙසට ධාවනය වූ වෑන් රථයක් දකුණට හැරවීමට යාමේදී මාකුඹුරේ සිට කොට්ටාව දෙසට ධාවනය කළ යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙම අනතුරෙන් යතුරුපැදිය මාර්ගයේ පෙරළී කොට්ටාව දෙස සිට මාකුඹුර දෙසට ධාවනය වූ කැබ් රථයක ගැටී ඇති බවයි පොලීසිය පැවසුවේ.

කොට්ටාව පොලීසිය විසින් අනතුරට සම්බන්ධ වෑන් රථයේ හා කැබ් රථයේ රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.