27.8 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගිලෙමින් තිබූ නැවක සිටි ශ්‍රී ලාංකිකයින් 21ක් බේරාගනී

ගිලෙමින් තිබූ නැවක සිටි ශ්‍රී ලාංකිකයින් 21ක් බේරාගනී

ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී තිබෙනවා.

එම ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනාගෙන් පස් දෙනෙකුට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කුක් අයිලන්ඩ් ධජය යටතේ යාත්‍රා කළ මෙම ඉන්ධන ප්‍රවාහන නෞකාව ඉරානයේ ජස්ක් නගරයට කිලෝ මීටර් 50ක් පමණ දුරින් දකුණු මුහුදේදී ඇතිවූ කුණාටු තත්ත්වයක් හේතුවෙන් අනතුරට පත්වුණා.

කෙසේනමුත් එහි සිටි නාවිකයන් 21 දෙනා මේ වන විට හොඳ කායික සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවයි අධ්‍යක්ෂක මොහොමඩ් අමීන් අමානි සඳහන් කළේ.