28 C
Colombo
Saturday, October 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ හිඟයක්

පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ හිඟයක්

පවුල් සෞඛ්‍ය නිලධාරින් ලෙස බඳවා ගැනීමට තෝරාගත් පිරිස හැකි ඉක්මනින් සෞඛ්‍ය සේවයට ඇතුළත් කරන බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය දැනුම් දී තිබෙනවා.

එහි සභාපතිනි දේවිකා කොඩිතුවක්කු දන්වා සිටින්නේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ හිඟය හේතුවෙන් රාජකාරියට ද බාධා එල්ල වන බවයි.

කෙසේ වෙතත් වෙනත් කණ්ඩායම් බඳවා ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.

පවුල් සෞඛ්‍ය සේවිකාවන් මුහුණ දෙන දුෂ්කරතා සඳහා කඩිනම් විසඳුම් ලබාදීම බලධාරීන්ගේ වගකීමක් බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු පැවසුවාය.