― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeHot Newsජනපති හෙට මැයි දින රැළි 02කට එක්වෙයි

ජනපති හෙට මැයි දින රැළි 02කට එක්වෙයි

ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (01) මැයි රැළි දෙකකට එක්වීමට නියමිතය.

ලංකා කම්කරු කොංග්‍රසය සංවිධානය කරන මැයි රැළිය හෙට (01) පෙරවරු 10ට කොටගල මහජන ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත අතර ජනාධිපතිවරයා ප්‍රථමයෙන් ඒ සඳහා එක්වීමට නියමිතය.

ලංකා කම්කරු කොංග්‍රසයේ ආරාධනය පරිදි ජනාධිපතිවරයා මේ සඳහා එක්වන අතර වතුකරයේ ජනතාව විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් එම මැයි රැළිය සහ පෙළපාලිය පැවැත්වෙනු ඇත. කඳුකර ප්‍රජාව නියෝජනය කරන විශාලතම වෘත්තීය සමිතිය සහ දේශපාලන පක්ෂය වනුයේ ද ‍ලංකා කම්කරු කොංග්‍රසයයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළිය හෙට (01) පස්වරු 2ට කොළඹ මාළිගාවත්ත පොලිසිය ඉදිරිපිටදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතයි.

එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ සංවිධාන ඇතුළු පාක්ෂිකයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් එම මැයි රැළිය පැවැත්වෙනු ඇති.