― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsවිදුලි බිල ගැන සතුටුදායක පුවතක්

විදුලි බිල ගැන සතුටුදායක පුවතක්

මැයි මාසයේදී විදුලි බිල අඩු කිරීමේ හැකියාවක් පවතින බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසනවා.

ඊයේ (30) ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

විදුලි ගාස්තු සංශෝධනයක් මෙම මාසයේ දී සිදුකිරීමට නියමිත බවත් ඒ අනුව අදාළ දත්ත ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට යොමු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසුවා.

එමෙන්ම උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හරහා විදුලිබල පද්ධතියට එක්වන මෙගාවොට් 120ක ප්‍රතිලාභය තුළින් ජනතාවට සහන ලබාදීමට රජය බලාපොරොත්තු වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ.

විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක් එක් කිරීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට රාත්‍රී කාලයේ එම ප්‍රමාණයේම විදුලිය නිපදවීමට යොදා ගන්නා ඩීසල් පිරිවැය කපා හැරිය හැකි බව ද ඔහු මෙහිදී පැවසුවා.