― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsවාහන ආනයනය සම්බන්ධයෙන් රජය ගත් තීරණය

වාහන ආනයනය සම්බන්ධයෙන් රජය ගත් තීරණය

වාහන ආනයනය සම්බන්ධයෙන් රජය විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අනුව විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්, පළාත් රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ නිලධාරීන් සඳහා තීරුබදු සහිත වාහන ආනයන කිරීමට රජය තීරණය කර තිබෙනවා.

අනිවාර්ය විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කර පසුව එය අවුරුදු 60 දක්වා අඩු කර ඇති බැවින් එම කාලය තුළ වයස අවුරුදු 65 සම්පූර්ණ වී විශ්‍රාම ගිය නිලධාරීන්ට මෙම රාජකාරි සහනය ලබාදීමට නියමිතයි.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ලේකම් ප්‍රදීප් යසරත්න විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව පසුගියදා පැවති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 105 දෙනෙකු තීරුබදු රහිත වාහන ගෙන්වීමට අවසර ලබාදෙන ලෙස පසුගියදා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා.