― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsඅනුර හා බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර හමුවක්

අනුර හා බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර හමුවක්

එක්සත් රාජධානියේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිපික් කලාපීය අධ්‍යක්ෂ බෙන් මෙලර් (Ben Mellor) හා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් සිදුව තිබෙනවා.

ඊයේ (06) පස්වරුවේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදීයි මෙම හමුව පවත්වා ඇත්තේ.

එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික සහ දේශපාලන තත්වය, කලාපීය භූ දේශපාලන අභියෝගකාරී තත්වයන් සහ එක්සත් රාජධානිය හා ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

මෙම හමුව සඳහා එක්සත් රාජධානියේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ශ්‍රී ලංකා ප්‍රධානී හුමයිරා හාෂියා (Humairaa Hatia) මහත්මිය සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘෘ පැට්‍රික් (Andrew Patrick) මහතාද පළමු ලේකම් ටොම් සොපර් (Tom Soper) මහතාද ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික විජිත හේරත්ද එක්ව සිටියහ.