― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsනීතිවිරෝධීව මසුන් ඇල්ලූ ධීවරයින් 11ක් අල්ලයි

නීතිවිරෝධීව මසුන් ඇල්ලූ ධීවරයින් 11ක් අල්ලයි

කිලිනොච්චිය සහ යාපනය මුහුදු තීරයේදී නීතිවිරෝධීව මසුන් ඇල්ලූ මෙරට ධීවරයින් 11 දෙනෙක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

උතුරු නාවික විධානයන්ට අයත් නාවික සෙබළුන් පිරිසක් විසින් ඊයේ (08) කිලිනෙච්චිය, කුඩාරප්පු ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී යාත්‍රා දෙකකින් නීතිවිරෝධීව මසුන් ඇල්ලූ ධීවරයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම යාපනය, වෙත්තිලකේනි, චලෙයි මුහුදු තීරයේ සිදුකරන ලද සෝදිසියකදී ද නීතිවිරෝධී ආකාරයෙන් මසුන් ඇල්ලූ ධීවරයින් 05 දෙනෙක්, යාත්‍රා දෙකක් සහ අල්ලා තිබූ මසුන් නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අත්අඩංගුවට ගත් පිරිස් වයස අවුරුදු 21 ත් 47 ත් අතර පසුවන මන්නාරම සහ හලාවත ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් පිරිස හා උපකරණ වැඩිදුර පරික්ෂණ සඳහා යාපනය හා යපනය ධීවර හා ජලජ සම්පත් කාර්යලය වෙතට බාරදීමට නාවික හමුදාව පියවර ගෙන තිබෙනවා.