― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsරුසියාව විජයග්‍රහණයේ දිනය සමරයි

රුසියාව විජයග්‍රහණයේ දිනය සමරයි

ශ්‍රේෂ්ඨ දේශප්‍රේමී යුද්ධය (දෙවන ලෝක යුද්ධය) ජයග්‍රහණයේ 79 වෙනි සංවත්සරය රුසියාව විසින් ඊයේ (09) සමරනු ලැබුවා.

ඒ අනුව 79 වැනි විජයග්‍රහණයේ සැමරුම් උත්සවයක් පසුගියදා කොළඹ රුසියානු මන්දිරයේදී පැවැත්වුනා.

රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන්, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, රුසියානු තානාපති කාර්යාලයේ ප්‍රථම ලේකම් මරීයා පොපෝවා, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ, හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක, රුසියානු මන්දිරයේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධප්‍රිය රාමනායක ඇතුළු තානාපති නිලධාරීන් හා ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වුණා.