― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsඅහුංගල්ලේ වෙඩි තැබීමට 'ආදරේ' අල්ලයි

අහුංගල්ලේ වෙඩි තැබීමට ‘ආදරේ’ අල්ලයි

පසුගිය 08 වැනිදා අහුංගල්ල පොලිස් බල ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට වෙඩික්කරු හට ආධාර අනුබල ලබා දුන් අයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘ආදරේ’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ පුද්ගලයෙක්.

විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (13) කොස්ගොඩ පොලිස් වසමේ දූවමෝදර හන්දියේදී සිදු කළ හදිසි වැටලීමකදීයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී මොහු සන්තකයේ තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 1,150 ක් හමු වී ඇති අතර ඔහු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොස්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.