― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsහොරෙන් ගෙනා දුම්වැටි තොගයක් සමඟ අයෙක් අල්ල්ලයි

හොරෙන් ගෙනා දුම්වැටි තොගයක් සමඟ අයෙක් අල්ල්ලයි

තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු වි‍ශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දීප ව්‍යාප්ත යුක්තියේ මෙහෙයුමට සමගාමීව ඊයේ (13) කෙසෙල්වත්ත පොලිස් වසමේ අබ්දුල් හමිඩ් පාර, හතරමන් හන්දිය අසලදී වැටලීමක් සිදුකර ඇත.

එහිදී විදේශීය රටක සිට තීරුබදු රහිතව ඉතා සූක්ෂම ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි විකුණමින් සිටි බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු සන්තකයේ තිබී මැන්චෙස්ටර් වර්ගයේ දුම්වැටි 800 ක් අත්අඩංගුවට ගත් බවයි කෙසෙල්වත්ත පොලිසිය පවසන්නේ.