28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොළඹ උෂ්ණත්වය පාලනයට නව ව්‍යාපෘතියක්

කොළඹ උෂ්ණත්වය පාලනයට නව ව්‍යාපෘතියක්

කොළඹ නගරයේ උෂ්ණත්වය පාලනය කිරීම සඳහා කොළඹ මහ නගර සභාව විසින් විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මාර්ගවල ගල් ඇතිරීම (Interlocking) වෙනුවට කුඩා පැල වැවීමේ ව්‍යාපෘතියක් අරඹා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේනමුත් ගස්වල කඳන් ආසන්නයටම ඉන්ටර්ලොක් ගල් ඇතිරීම ශාකවල ක්‍රියාවලියට හානිකර බවයි ශාක විශේෂඥ සුනිල් ගමගේ පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් කොළඹ නගරයේ පිහිටි ශාකවල කඳ ආසන්නයේ ඇති ඉන්ටර්ලොක් ගල් ඉවත් කිරීමටද කොළඹ නගර සභාව විසින් පියවර ගෙන තිබෙනවා.

ඉංජිනේරු ඉන්දික පවසන්නේ කොළඹ නගරයේ සංවර්ධනය කෙරෙන මං මාවත්වල ඉන්ටර්ලොක් ගල් ඇතිරීම අඩු කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවයි.