30 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෝටර් රියෙන් අයිස් ඇද්ද යුවළක් පොලිස් දැලේ

මෝටර් රියෙන් අයිස් ඇද්ද යුවළක් පොලිස් දැලේ

මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ යුවළක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දීප ව්‍යාප්ත යුක්තියේ මෙහෙයුමට සමගාමීව විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගියදා (15) තලංගම පොලිස් වසමේ හීනැටි කුඹුර මාර්ගයේදී වැටලීමක් සිදුකර ඇත.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 10ක් සහ ඈෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 80ක් සන්තකයේ තබාගෙන කාර් රථයකින් ගමන් කරමින් සිටි යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 08 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක පුද්ගලයකු සහ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 කාන්තාවකි.

අත්අඩංගුවට ගත් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තලංගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.