― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsඅහුංගල්ලේ වෙඩි තැබීමට තවත් අයෙක් අල්ලයි

අහුංගල්ලේ වෙඩි තැබීමට තවත් අයෙක් අල්ලයි

පසුගිය 08 වැනිදා අහුංගල්ල පොලිස් වසමේ බෝපිටිය, ලෝකන්වත්ත ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

මෙම සැකකරු ඊයේ (26) බෙන්තර, කහබිලියාකන්ද ප්‍රදේශයේදී කොස්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 36ක නිල්ලතන ප්‍රදේශයේ පදිංචිකරුවක්.

ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 03යි මිලි ග්‍රෑම් 410ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙම වෙඩි තැබීම සිදුකර තිබුණේ පාතාල කල්ලි දෙකක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙසයි.