― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsකෝවිලේ පිං කැටේට සුද්දයක් දුන් අයෙක් අල්ලයි

කෝවිලේ පිං කැටේට සුද්දයක් දුන් අයෙක් අල්ලයි

යාපනය, ආවරන්කාල් ප්‍රදේශයේ ශිව කෝවිලේ පිංකැටයේ කඩා එහි තිබූ මුදල් සොරකම් කළ පුද්ගලයෙකු ඊයේ (26) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පුද්ගලයා කෝවිලේ පිංකැටය කැඩීමෙන් අනතුරුව වෙනත් විහාරස්ථානයකින් සොරකම් කිරීමට උත්සාහ කිරීමේදී අච්චුවේලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ පුද්ගලයා සතුව තිබී සොරාගත් මුදල් සහ භාණ්ඩ කිහිපයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

විමර්ශනවලින් අනතුරුව සැකකරු මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.