― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදිලිත්, විමල්, ගම්මන්පිලගෙන් නව සන්ධානයක්

දිලිත්, විමල්, ගම්මන්පිලගෙන් නව සන්ධානයක්

‘සර්ව ජන බලය’ නමින් අද (27) නව දේශපාලන ව්‍යාපාරයක් පිහිටුවා තිබෙනවා.

‘එක්ව නංවන රටක් – සතුටු පිරුණු දැයක්’ යන්න තේමා කරගනිමින් දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව මෙම නව දේශපාලන ව්‍යාපාරය පිහිටුවා තිබෙනවා.

මේ සඳහා මව්බිම ජනතා පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, යුතුකම ජාතික සංවාද කවය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී සංසදය ගිවිසුම්ගත වීම අද සිදු වුණා.

ඒ අනුව මෙම නව දේශපාලන ව්‍යාපාරය පිහිටුවීමේ ලිඛිත ගිවිසුමට අත්සන් කිරීම අද (27) කොළඹ දී සිදුකෙරුණා.