― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsපාකිස්ථානයේ අධික උණුසුම් කාලගුණයක්

පාකිස්ථානයේ අධික උණුසුම් කාලගුණයක්

පාකිස්ථානයේ දකුණු සින්ද් පළාතේ උෂ්ණත්වය ඊයේ දිනය (29) වනවිට සෙල්සියස් අංශක 52 ඉක්මවා ගොස් තිබුණා.

එම අගය මේ වනවිට එරටින් වාර්තා වූ ඉහළම උෂ්ණත්වයට සමීප වී ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

ක්‍රි.පූ. 2500 දක්වා අතීතයට දිවෙන සංස්කෘතික ඉතිහාසයකට හිමිකම් කියන, පුරා විද්‍යාත්මක ස්ථාන සඳහා ප්‍රසිද්ධ සින්ද්හි නගරයක් වන මොහෙන්ජෝ දාරෝ නගරයෙන් ගෙවුණු පැය 24 තුළ සෙල්සියස් අංශක 52.2ක් තරම් ඉහළ උෂ්ණත්වයක් වාර්තා වී තිබුණා.

පසුගිය මාසය පුරා ආසියාවේ රටවල් බොහොමයකින් වාර්තා වූ ඉහළ උෂ්ණත්ව අගයන් මිනිසා විසින් මෙහෙයවනු ලබන දේශගුණික විපර්යාසවල භයානක පෙරනිමිති බවටයි ජාත්‍යන්තර කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ.