24.5 C
Colombo
Thursday, December 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකළුතර බන්ධනාගාරයෙන් රැඳවියෙක් පලායයි

කළුතර බන්ධනාගාරයෙන් රැඳවියෙක් පලායයි

කළුතර බන්ධනාගාරයෙන් රැඳවියෙක් ඊයේ (30) රාත්‍රියේ පළාගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස පළාගොස් ඇත්තේ ගෑස් සිලින්ඩරයක් සොරකම් කිරීමේ චෝදනාව යටතේ හොරණ මහේස්ත්‍රාත් උසාවිය මඟින් වරදකරුවෙක් කළ රුපියල් 4,000ක දඩ මුදලක් ගෙවාගැනීමට නොහැකිව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි රැඳවියෙක් බවයි.

ඊයේ (30) රාත්‍රී 8.30ට පමණ මෙම රැඳවියා මෙලෙස පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කළුතර උතුර පොලිසිය සහ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් මෙහෙයුම් අරඹා තිබෙනවා.