28.1 C
Colombo
Thursday, June 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල් සිසුවියට හදි කළ විදුහල්පති අත්අඩංගුවට

පාසල් සිසුවියට හදි කළ විදුහල්පති අත්අඩංගුවට

පාසල් සිසුවියකට බරපතළ ලිංගික අතවර කළ බව කියන විදුහල්පතිවරයෙක් නිකවැරටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නිකවැරටිය කබල්ලෑව මහා විදුහලේ විදුහල්පතිවරයා යි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි 17 හැවිරිදි සිසුවියක් ලිංගික අතවරයට ලක්කර ඇති බවට මෙම විදුහල්පතිවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සිසුවිය හා විදුහල්පතිවරයා අතර ප්‍රේම සම්බන්ධතාවක්ද පවත්වා ඇති බවයි.

සැකකාර විදුහල්පතිවරයා ඊයේ (30) පස්වරුවේ නිකවැරටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිපත් කිරීමට නියමිතයි.