― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපස් කන්දක් නිසා පුද්ගලයෙකු ජිවිතක්ෂයට

පස් කන්දක් නිසා පුද්ගලයෙකු ජිවිතක්ෂයට

අලවතුගොඩ, බටුගොඩ ප්‍රදේශයේදී පස් කන්දකට යටවී පුද්ගලයෙකු ඊයේ (17) මරණයට පත්ව තිබේ.

නිවසක් ඉදි කිරීම සඳහා කපා තිබූ ගෙපළක බේස් වළක් කපමින් සිටියදී, පස් කන්ද කඩාවැටී ඇති බව දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

අනතුරින් පසු ඔහු ඉන් මුදාගෙන අකුරණ රෝහලට රැගෙන ගියද, ඒ යනවිටත් මියගොස් සිට තිබේ.

මෙසේ මරණයට පත්ව ඇත්තේ අවුරුදු 49ක් වූ අලවතුගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවෙක්ය.

මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අලවතුගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.