― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි තිදෙනෙකු අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි තිදෙනෙකු අත්අඩංගුවට

බගවන්තලාව පොලිස් වසමේ ඔල්ඩි කොටස ප්‍රදේශයට අයත් කෙසෙල්ගමුව රක්ෂිතයේ බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු ගැරීම් සඳහා යොදාගත් උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (17) දහවල් සිදු කළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔවුන් බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39, 42 සහ 67 යන වයස් කාණ්ඩවල පුද්ගලයින් බව පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බගවන්තලාව පොලිසිය විසින් සිදු කරගෙන යනු ලබනවා.