― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsඅමෙරිකාවෙන් ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක්

අමෙරිකාවෙන් ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක්

කුඩා ළමුන් 14 දෙනෙක් ඇතුළු පුද්ගලයින් 35 දෙනෙකුට මරු කැඳවමින් ගාසාවේ පාසලකට එල්ල වූ ගුවන් ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් ‘විනිවිද භාවයෙන්’ කටයුතු කළ යුතු බව ඇමරිකාව විසින් ඊශ්‍රායලයට පවසා තිබෙනවා.

සරණාගත කඳවුරක් ලෙස පවත්වාගෙන ගිය පාසලේ ඉහළ මහලේ පන්ති කාමරයක් වෙත ඊශ්‍රායල ගුවන් යානා මිසයිල ප්‍රහාර 02ක් එල්ල කර තිබුණා.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පැවසුවේ එහි හමාස් අණදෙන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බවයි.

ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ ඇමෙරිකාව ඊශ්‍රායලයෙන් ඉල්ලා අත්තේ මෙම ප්‍රහාරයෙන් මරා දැමූ බව කියන හමාස් සටන්කරුවන් ප්‍රසිද්ධියේ හඳුනා ගන්නා ලෙසයි.