24 C
Colombo
Wednesday, October 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentබස් - වෑන් අනතුරකින් දෙදෙනෙක්ට බරපතලයි

බස් – වෑන් අනතුරකින් දෙදෙනෙක්ට බරපතලයි

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේදී වෑන් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරෙන් වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ගිනිගත්හේන රෝහලට ඇතුළත් කර ඇති අතර බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි ගිනිගත්හේන පොලීසිය පවසන්නේ.

මහනුවර සිට හැටන් බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ හැටන් සිට මහනුවර බලා ධාවනය වූ වෑන් රථයකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

බස් රථයට සහ වෑන් රථයට දැඩි අලාභ හානි සිදුව ඇති අතර මේ හේතුවෙන් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයද පැය කිහිපයක් ඇණහිට තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.