27.8 C
Colombo
Tuesday, June 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දුනීසියාවේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ උතුරු සුලවේසි පළාතේ අද (13) අලුයම භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

එරට ආපදා මධ්‍යස්ථානය වාර්තා කළේ වෙරළට ඔබ්බෙන් ඇති වූ භූමිකම්පාව රිච්ටර් මාපකයේ 5.9 ක් ලෙස සටහන් වූ බවයි.

තලාත් දූපත්වලට කිලෝමීටර් 41ක් වයඹ දෙසින් මුහුදට කිලෝමීටර් 32ක් ගැඹුරින් භූ කම්පනය සිදුව තිබේ.

භූමිකම්පාවෙන් විශාල රළ ඇති නොවූ නිසා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.