23.4 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentඑකම පවුලේ තුනක් බිලිගත් මාරක රිය අනතුර

එකම පවුලේ තුනක් බිලිගත් මාරක රිය අනතුර

බිබිල, තුනේ කණුව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (12) දහවල් බිබිල – මහියංගණය මාර්ගයේ වෑගම ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 2 කණුව, මහියංගනය පාර, වෑගම, බිබිල පදිංචි 72 හැවිරිදි රාජේන්ද්‍ර රාජකරුණා, 69 හැවිරිදි උඩුවක වඩුගේ කල්‍යාණි හා උඩුවක වඩුගේ කුසුම් ලලිතා යන එකම පවුලේ තිදෙනෙකු බවයි පොලීසිය පැවසුවේ.

වෑන් රථයේ ගමන් ගත් තවත් තිදෙනකු සහ බස් රථයේ දෙදෙනෙකු බරපතළ තුවාල ලබා බිබිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.