26.1 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News'වෙලේ මාලු' නැමැත්තාගේ ගෝලයෙක් අයිස් සමඟ අල්ලයි

‘වෙලේ මාලු’ නැමැත්තාගේ ගෝලයෙක් අයිස් සමඟ අල්ලයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘වෙලේ මාලු’ හෙවත් කුමාර යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ගෝලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගියදා (17) කෙසෙල්වත්ත පොලිස් වසමේ සාන්චිආරච්චි වත්ත ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘වෙලේ මාලු’ හෙවත් කුමාර යන අයගේ ප්‍රධානතම ගෝලයෙක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 500 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි වියේ පසුවන කොළඹ 12, සාන්චිආරච්චි වත්ත, හංවැල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකි.

අත්අඩංගුවට ගත් තැනැත්තා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කෙසෙල්වත්ත හා හංවැල්ල පොලිස් ස්ථානයන් වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.