28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දීය විදේශ ඇමති හා වතු නායකයින් අතර හමුවක්

ඉන්දීය විදේශ ඇමති හා වතු නායකයින් අතර හමුවක්

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් හා වතු නායකයින් අතර ඊයේ (20) හමුවක් පවත්වා තිබෙනවා.

නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ඊයේ ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදීයි මෙම හමුව සිදුව ඇත්තේ.

මෙම හමුවට වී.රාධක්‍රිෂ්ණන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වේලුකුමාර් සහ උදයකුමාර් ද ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය වෙනුවෙන් එහි සභාපති සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාණ්ඩි රාමේෂ්වරන් යන අය එක්ව සිටියහ.

එමෙන්ම මෙම හමුවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක වඩිවේල් සුරේෂ් ද එක්ව සිටියා.

මෙම හමුවේදී නරේන්ද්‍ර මෝදි තෙවැනි වරටත් අගමැති ධූරයට පත්වීම පිළිබඳව වතු නායකයින් සුබපැතුම් එක් කර තිබෙනවා.