29.5 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකා දූත පිරිසක් රුසියාවේ සංචාරයක

ශ්‍රී ලංකා දූත පිරිසක් රුසියාවේ සංචාරයක

රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදිවී සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ නියෝජිත පිරිසක් අද (24) රුසියාව බලා පිටත්ව යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ පැවසීය.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස රුසියාව බලා යාමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම විශේෂ දූත පිරිස සහ රුසියානු රජයේ නියෝජිතයින් අතර නිල හමුව මොස්කව්හිදී පැවැත්වෙන අතර එම අවස්ථාවේදී රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිත බව සඳහන්.