27.8 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමව්කිරි සිර වී බිළිඳියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට

මව්කිරි සිර වී බිළිඳියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට

මව්කිරි සිර වීම හේතුවෙන් දින 45ක් වයසැති බිළිඳියක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් බලන්ගොඩ මූලික රෝහලෙන් වාර්තා වනවා.

පොලීසිය පැවසුවේ මව්කිරි සිර වීම හේතුවෙන් නිව්මෝනියාව වැළඳුණු බිළිඳියක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

බිළිඳියගේ මරණය සම්බන්ධයෙන් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ද අනාවරණය වී ඇත්තේ මව්කිරි සිරවීම හේතුවෙන් ඇති නිව්මෝනියා තත්ත්වයක් මත මෙම මරණය සිදුව ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බලන්ගොඩ, ලදුයාය ප්‍රදේශයේ පදිංචිව සිටි දෙව්මි නෙත්සරා නැමති බිළිඳියක්.