26.1 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලි සැර වැදී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

විදුලි සැර වැදී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි ගල්කිරියාගම ප්‍රදේශයේ පාසැල් සිසුවෙක් විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ ගල්කිරියාගම, දික්වැන්නාගම ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි සිසුවෙක් මෙලෙස විදුලි සැර වැදීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ සෙනෙවිරත්න මුදියන්සේලාගේ පසිඳු කාංචන බණ්ඩාර නැමැති 17 හැවිරිදි පාසැල් සිසුවෙකි.

සිය නිවස පිහිටි ගෙවත්තට පැමිණෙන රිලවුන් පලවා හැරීම සඳහා ගෙවත්තේ සවිකර තිබූ විදුලි වයරයක පැටලීමෙන් මොහුට විදුලු සැර වැදී තිබෙනවා.

විදුලි සැර වැදීමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ සිසුවා ප්‍රතිකාර සඳහා කඩිනමින් ආඬියාගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර එහිදී අසාධ්‍ය තත්වයේ පසුවූ එම සිසුවා දඹුල්ල රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය සිසුවාගේ දේහය මේ වනවිට දඹුල්ල රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අද (26) පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.