27.8 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsIMF වෙතින් ශ්‍රී ලංකාවට මල් මිටක්

IMF වෙතින් ශ්‍රී ලංකාවට මල් මිටක්

ශ්‍රී ලංකාව සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම අවසන් කිරීම රටේ ආර්ථික ස්ථායීකරණ ගමනේ ධනාත්මක පියවරක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් පැවසුවේ මෙය ආර්ථික ප්‍රකෘතිමත් ගමනේ ප්‍රධාන සන්ධිස්ථානයක් වන ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ණය තිරසාරභාවය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාව ගත් ප්‍රධාන පියවරක් බවයි.

ඉදිරියේදී වාණිජ පෞද්ගලික ණය දෙන්නන් සමඟ ශ්‍රී ලංකා රජය ගිවිසුම්වලට එළැඹෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ඔහු ප්‍රකාශ කළේය.