28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකුලී නිවසේදී අනියම් බිරිඳව ඝාතනය කරලා

කුලී නිවසේදී අනියම් බිරිඳව ඝාතනය කරලා

බියගම, මල්වාන ප්‍රදේශයේ නිවසක් තුළදී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

බියගම පොලිසියට ලද තොරතුරක් මතයි මෙලෙස ඝාතනය කළ කාන්තාවගේ සිරුර සොයාගෙන ඇත්තේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ නවසඳගල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි වියේ පසු වූ කාන්තාවක්.

කෙසේනමුත් මෙම ඝාතනය සම්බන්ධයෙන් 32 හැවිරිදි වියේ පසු වූ යක්කඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු පදිංචිව සිටි කුලී නිවස තුළදී ඔහුගේ අනියම් බිරිඳව මෙලෙස ඝාතනය කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

පොලිසිය සැක පළ කරන්නේ මීට දින කිහිපයකට පෙර මෙම ඝාතනය සිදුව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ සහ බියගම පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.