31.1 C
Colombo
Tuesday, December 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොරියාව බලා ගිය ගුවන්යානයක කාර්මික දෝෂයක්

කොරියාව බලා ගිය ගුවන්යානයක කාර්මික දෝෂයක්

දකුණු කොරියාව බලා පිටත්ව ගිය ගුවන් යානයක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ඊයේ (07) රාත්‍රියේ යළි කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වා තිබෙනවා.

දකුණු කොරියාවේ ඉන්චියොන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලා පිටත්ව ගිය මෙම ගුවන් යානය පැය 02ක පමණ ගුවන් ගමනකින් පසුව යළිත් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 470 දරණ ගුවන් යානය මෙලෙස යළි කටුනායාක ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වා ඇති බවයි.

ගුවන්යානය කාර්මික දෝෂයට ලක්වන අවස්ථාවේදී එහි ගුවන් මගීන් 144 දෙනෙකු සහ ගුවන් නියමුවන් ඇතුළු කාර්යය මණ්ඩලය 15 දෙනෙකු සිට ඇති අතර ශ්‍රී ලංකා ගුවන් සීමාව පසු කිරීමට ආසන්නයේ තිබියදීයි මෙලෙස හදිසි කාර්මික දෝෂයකට ලක්ව ඇත්තේ.