24.5 C
Colombo
Tuesday, April 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයාපනයේ භූගත ගබඩාවකින් බිම් බෝම්බ තොගයක් මතුවෙයි

යාපනයේ භූගත ගබඩාවකින් බිම් බෝම්බ තොගයක් මතුවෙයි

පසුගිය එල්.ටී.ටී.ඊ. යුධ සමයේ භාවිතා කිරීම සඳහා වල දමා තිබූ භූගත යුධ උපකරණ ගබඩාවකින් බිම් බෝම්බ සහ උණ්ඩ තොගයක් කරදියනාරු ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය වාලච්චේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (10) කරදියනාරු පොලිස් වසමේ වෙප්පවෙට්ටුවාන්, කාරකාඩු ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහිදී එරාවූර් මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයට අනුව පසුගිය එල්.ටී.ටී.ඊ. යුධ සමයේ වල දමා තිබූ පුද්ගල නාශක බිම් බෝම්බ (ජොනි බට්ටෝ) 299ක්, ඩෙටනේටර් 38 ක් සමග 07.62 mm × 39 ප්‍රමාණයේ ජීව උණ්ඩ 19,930 ක් අත්අඩංගුවට ගෙන වැඩි දුර විමර්ශන කටයුතු සදහා කරදියනාරු පොලීසිය වෙත භාර දී තිබෙනවා.