27.8 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකාලගුණයෙන් රතු නිවේදනයක්

කාලගුණයෙන් රතු නිවේදනයක්

සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශය සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අරාබි මුහුදු ප්‍රදේශයේ උතුරු අක්ෂාංශ 1ත් 20 ත් සහ නැගෙනහිර දේශාංශ 55 ත් 67 ත් අතර මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 70 – 80 ඉතා තද සුළං පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ හේතුවෙන් අදාළ ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිම හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.