28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලොව පිළිගන්නා රටක් බවට ශ්‍රී ලංකාව පත් කර අවසන් - දිනේෂ්

ලොව පිළිගන්නා රටක් බවට ශ්‍රී ලංකාව පත් කර අවසන් – දිනේෂ්

අපේ රට අද වනවිට ලෝකය සමග ගනුදෙනු කළ හැකි රටක් බවට පත්වී ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කැස්බෑව පැලැන්වත්ත බටහිර හා මහායායවත්ත පුජා ශාලාව නවීකරණය කිරීමෙන් පසු විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ලොව පිළිගන්නා රටක් බවට ශ්‍රී ලංකාව යළිත් පත් කිරීමට හැකියාව ලැබී ඇති බවයි.

සියලු කටයුතු රජයේ දෙපාර්තමේන්තුවට පමණක් සිදුකළ නොහැකි බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා යම් වැඩකොටසක් ජනතාවගේ සහයෝගයෙන් සිදුකළ යුතු බවත් එහිදී පෙන්වා දුන්නා.