24.5 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පළමු එක්දින තරගය අද

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පළමු එක්දින තරගය අද

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින තරගය අද (02) ආරම්භ වීමට නියමිතයි.

තරහය අද පස්වරු 2.30ට ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති.

සූරියකුමාර් යාදව්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාව සමඟ පැවැති විස්සයි 20 තරගාවලිය 3-0ක් ලෙස පරාජයට පත් කළේය.

යළිත් ඉන්දීය එක්දින කණ්ඩායමේ නායකයා ලෙස රෝහිත් ෂර්මා පත්වී සිටිනවා.

රෝහිත් ෂර්මා ඉන්දියාව වෙනුවෙන් එක්දින තරගවලට ක්‍රීඩා කරන්නේ මාස අටකට පමණ පසු වීම විශේෂත්වයක්.

විරාත් කෝලි, කේ.එල් රාහුල් සහ ශ්‍රෙයාස් අයියර් ද එක්දින සංචිතයට එක්ව සිටිනවා.

ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ගෞතම් ගාම්භීර් එක්වීමෙන් පසු පැවැත්වෙන පළමු එක්දින තරගාවලිය මෙයයි.