30 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගාසා අරමුදලට ලැබුණු මුදල් පලස්තීන රජයට භාර දෙයි

ගාසා අරමුදලට ලැබුණු මුදල් පලස්තීන රජයට භාර දෙයි

ගාසා තීරයේ පවත්නා යුදමය තත්ත්වය හේතුවෙන් අවතැන්ව සිටින දරුවන්ගේ මූලික අවශ්‍යතා සැපයීම සඳහා අවශ්‍ය මුල්‍යාධාර ලබා දීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයක් අනුව පිහිටුවන ලද ‘ගාසා හි ළමා අරමුදල’ (Children of Gaza Fund) වෙත ලැබුණු තවත් ඇමරිකානු ඩොලර් පන්ලක්ෂ අනූදහසක (590,000/-) මුදල පලස්තීන රජය වෙත නිල වශයෙන් භාරදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) ජනාධිපති කාර්යාලයේ දි සිදු විය.

ඊට අදාළ නිල ලිපි ලේඛන ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්.එච්. සෙයිඩ් (H. E. Dr. Zuhair M H Dar Zaid) සහ එක්සත් ජාතීන්ගේ සහන වැඩ නියෝජිතායතනයේ (UNRWA) එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota)යන මහත්ම මහත්මින් වෙත ජනාධිපතිවරයා විසින් භාර දෙනු ලැබීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අමාත්‍ය මණ්ඩලය වෙත කරන ලද යෝජනාවක් අනුව 2024 මාර්තු මස 04 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ගාසා තීරයෙහි පවත්නා යුධමය තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ සිරවී සිටින මිලියනයකට ආසන්න ළමුන්ගේ අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා මූල්‍යාධාර ලබා දීම පිණිස ශ්‍රී ලංකා රජයෙන් ඇමරිකානු ඩොලර් මිලියනයක මුදලක් ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

අමාත්‍යාංශ සහ රජයේ ආයතන පසුගිය ඉෆ්තාර් සැමරුම පැවැත්වීමට වෙන් කර තිබූ ප්‍රතිපාදන ද මෙම අරමුදල වෙත ලබා දෙන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීමට අනුව අරමුදල වෙත ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියනයක මුදල පළමු අදියර යටතේ 2024-04-01 දින පලස්තීන රජය වෙත පරිත්‍යාග කිරීම සිදු කෙරිණි.

එසේම ජනාධිපතිවරයා කළ ඉල්ලීම අනුව ව්‍යාපාරික ආයතන, විවිධ සංවිධාන හා පොදු මහජනතාව විශාල වශයෙන් එම අරමුදල සමඟ අත්වැල් බැඳගනු ලැබීය.

ඒ අනුව 2024 ජූලි 31 දින දක්වා අරමුදල වෙත ලැබුණු ඇමෙරිකානු ඩොලර් පන්ලක්ෂ අනුදහසක (590,000/) මුදල ද මෙලෙස ඊයේ දින පලස්තීන රජය වෙත භාර දීම සිදු විය.

අරමුදල සඳහා දායකවීමේ අවස්ථාව 2024 ජූලි 31 දිනෙන් අවසන් කෙරුණු අතර ඒ සමඟ මානුෂිකත්වයෙන් අත්වැල් බැඳ ගත් සියලු ජනතාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ ජනාධිපති කාර්යාලයේ ස්තූතිය පිරිනමයි.