ආගමන විගමන දෙපාර්තමේන්තුව අසළ අද (07) උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණි පිරිස ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළට නොගැනීම හේතුවෙනුයි මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇත්තේ.
මේ වනවිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ නව ක්‍රමවේදයකට අනුව වන අතර ඒ සඳහා පූර්ව ලියාපදිංචි වීම අනිවාර්ය වනවා.
කෙසේනමුත් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත එලෙස වේලාවක් වෙන් කරවාගෙන නොපැමිණි පිරිසක් හේතුවෙනුයි අද එම පරිශ්‍රය අසළ මෙලෙස උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත්තේ.
මෙලෙස කලහකාරී ලෙස හැසිරුණ පිරිස පාලනය කිරීම සඳහා එම ස්ථානයට පොලීසිය ද කැඳවා ඇති අයුරු දක්නට ලැබුණා.


